විසිතුරු මත්ස්‍ය ක්ෂේත්රයට සුළු, මධ්‍යම සහ මහ පරිමාන යනාදී වශයෙන් එකිනෙකා තුල පවතිනා ආයෝජන හැකියාවන් මත අවතීර්න වීමට අපේක්ෂා කරනා ඕනෑම ව්‍යවසායකයෙකු ඇති වීම හෝ නැතිවීම ආරම්භ වන්නේ විධිමත්ව හෝ අවිධිමත්ව සිදුකරනා කළමණාකරන සැලැස්මෙන්ය.
තමන් සතු භෞතික සම්පත්, මූල ධනය, ශ්‍රම දායකත්ව හැකියාවන් වැනි එකිනෙකා තුල පවතිනා මූලික අංගෝපාංගයන් විධිමත් ලෙස කළමණාකරනය කරදීම මෙහි අභිප්‍රායයි.
ඊට අමතරව අවශ්‍යය කරනා අය හට තමන් සතුව පවතිනා සම්පත් සහ මූල ධනය ව්‍යාපෘතිය තුල යෙදවිය යුතු ආකාරය පිලිබඳ සැලසුම් සකස් කර දීමත්, බැංකු මගින් ව්‍යාපෘති ණය ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් හට තමා ඊට සුදුසුකම් ලබයිද, ණය ලබාගෙන අදාල ව්‍යාපෘතියට ඇතුලත් වීමට සුදුස්සෙක්දැයි පරීක්ෂා කර බැලීම මානුශීය සේවාවක් ලෙස සිදු කෙරෙනා අතර..
ව්‍යාපෘති ණය ලබා ගැනීමට සුදුසුකම් සහ ඒ ණය බර දරා ගැනීමේ ශක්තිය ඇති කර්මාන්ත කරුවන් හට අවශ්‍යය නම් එකිනෙකාට වෙන් වෙන් වශයෙන් ගැලපෙනා ලෙස ණය මුදලෙහි මුළු අගයම කිසිදු නාස්තියකින් තොරව භාවිතයෙහි යෙදවෙනා පරිදි ව්‍යාපෘති වාර්තා සකස් කර දීම සිදු කෙරේ.
මේ සඳහා පලමු ලක්ෂයට රු.5,000/= යි, වැඩිවන ලක්ෂයට රුපියල් 3,000/=ක් බැගින් අය කෙරේ පහත ඇති කොන්දේසි සහිතයි
(සාමාජිකයින් හට 50% ක් වට්ටම් සහිතයි)
-------------------------------------- * සැලකිය යුතුයි - කොන්දේසි - කලින් කලට රජය මගින් රටේ සංවර්ධන ඉලක්ක සපුරාලනු සඳහා සහන දායක පොලී සහ ආපසු ගෙවීමේ සහන කාල පරාසයන් ඇතිව ඉදිරිපත් කරනා විවිධ ණය යෝජනා ක්‍රම සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කොට ණය ලබාගෙන එම මුදල් වලින් වෙනත් අරමුනු ඉටු කර ගැනීම සඳහා අයදුම් කරනා කූඨ පුද්ගලයින් හට මුදල් අය කර හෝ කූඨ වාර්තා ලබා දීමක් කිසිසේත් සිදු නොකරනා බව අවධාරනය කරමි.
විශේෂ නිවේදනයයි
මෙම වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතයෙහි සහ අදාළ ග්රන්ථයන්හි සියලු හිමිකම් අයිතිකරු සතුය.
එම නිසා අයිතිකරුගේ අත් අකුරින් සහ අත්සනින් යුතුව ලබා ගන්නා ලද නිසි අවසරයක් නොමැතිව මෙම වෙබ් අඩවියේ හෝ ග්‍රන්ථවල කිසියම් තොරතුරක් හෝ ඡායාරූපයක් බාගත කිරීම, කොපි කිරීම, උපුටා ගැනීම, නැවත පළ කිරීම, ඡායා පිටපත් කිරීම, විද්‍යුත් ක්‍රමවේදයන්ගෙන් ගබඩා කර තබා ගැනීම, බෙදා ගැනීම, වෙනත් කිසිදු භාෂාවකට පරිවර්තනය කිරීම, බුද්ධිමය දේපළ පනතට අනුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි සහ වන්දි අය කළ හැකි වරදක් බව අවධාරණය කරමි.
Copyright © 2019 Aquarium Consultant. All Right Reserved. | Solution by Thumula Solutions