ප්රවීනයින් හට කෙසේ වෙතත් ආධුනික විසිතුරු මත්ස්‍ය වගා කරුවන් හට ආරම්භයේදී මතු වන ප්‍රබල ගැටළුව සහ ප්රශ්නය වන්නේ තම මත්ස්‍ය නිෂ්පාදන අලෙවි කර ගන්නේ කොහොමද... කාටද... යන්නය.
නමුත් පවතින එම හුඹස් බිය නැති කරලීම මාගේ මෙම සේවාවේ සුවිශේෂී අරමුනකි. තම ගුරුවරයාගේ උපදෙස් විධිමත්ව ක්‍රියාවට නංවා උසස් ප්‍රමිතියෙන් යුතුව බෝකර ලොකු මහත් කල මසුන් අලෙවි කර ගැනීම පිලිබඳ ගැටළු පැන නොනගිනා තත්වයට දැනුම ලබා දීමත්... එසේ වර්ධනය කල මසුන් අලෙවි කරලීම පිලිබඳ තමා තුල අාත්ම විශ්වාසය ගොඩනැංවීමත් සිදු කෙරේ.
ඒ හා සමගාමීව සාමාජිකත්වය ලබා මෙම වෙඩ් අඩවිය හා නිරන්තර සහ සම්බන්ධයෙන් වෙලී සිටිනා සියළු නිෂ්පාදකයින් සහ තොග ගැනුම් කරුවන්, අපනයන කරුවන් ජාල ගත කොට පුළුල් හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අරමුනු කොට ඇත.
ඊට අමතරව වර්තමාන සාමාජික සුළු පරිමාන නිෂ්පාදකයින් හට තම මසුන් දේශීය සහ විදේශීය වෙළඳ පලේ අලෙවි කර ගත හැකි ක්‍රමවේද හඳුන්වා දීමත්, මා හා පුද්ගලික මට්ටමින් සම්බන්ධ අපනයන කරුවන් සහ තොග ගැනුම් කරුවන් හඳුන්වා දීමත් මෙම සේවාව මගින් සිදු කෙරේ.
විශේෂ නිවේදනයයි
මෙම වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතයෙහි සහ අදාළ ග්රන්ථයන්හි සියලු හිමිකම් අයිතිකරු සතුය.
එම නිසා අයිතිකරුගේ අත් අකුරින් සහ අත්සනින් යුතුව ලබා ගන්නා ලද නිසි අවසරයක් නොමැතිව මෙම වෙබ් අඩවියේ හෝ ග්‍රන්ථවල කිසියම් තොරතුරක් හෝ ඡායාරූපයක් බාගත කිරීම, කොපි කිරීම, උපුටා ගැනීම, නැවත පළ කිරීම, ඡායා පිටපත් කිරීම, විද්‍යුත් ක්‍රමවේදයන්ගෙන් ගබඩා කර තබා ගැනීම, බෙදා ගැනීම, වෙනත් කිසිදු භාෂාවකට පරිවර්තනය කිරීම, බුද්ධිමය දේපළ පනතට අනුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි සහ වන්දි අය කළ හැකි වරදක් බව අවධාරණය කරමි.
Copyright © 2019 Aquarium Consultant. All Right Reserved. | Solution by Thumula Solutions